සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද හඳුනා ගැනේ

ආසියානු කලාපයේ මේ දිනවල පැතිර යන නව කොවිඩ්-19 ප්‍රභේද ශ්‍රී ලංකාවෙන් ද හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) නිවේදනය කරයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස

මිතුරන් සමග බෙදාගන්න

ආසියානු කලාපයේ මේ දිනවල පැතිර යන නව කොවිඩ්-19 ප්‍රභේද ශ්‍රී ලංකාවෙන් ද හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) නිවේදනය කරයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කළේ, ඔමික්‍රෝන් වෛරසයේ උප-ප්‍රභේදයන් වන LF.7 සහ XFG ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බවයි. දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල පර්යේෂණ මගින් මෙම තත්ත්වය තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, මෙම නව කොවිඩ් උප-ප්‍රභේද සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බව වෛද්‍ය ජයමහ මහතා අවධාරණය කරයි. කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන බැවින් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවද ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝගීන් වැනි අවදානමට ලක්විය හැකි කාණ්ඩ මුඛ ආවරණ පැළඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි.

මේ අතර, ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිඳාගේ ජෛව සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී ඇති බවයි. කෙසේ වෙතත්, එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිර යන නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්