සිරස්තල
Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි සීගිරියෙන් අලි තිදෙනෙකුගේ මළ සිරුරු කොටස් හමු වෙයි; තවත් ඇතෙක් ගල්ගමුවෙන්

ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට

ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශයේ ප්‍රධානී මොහොමඩ් කසෙමි මිය ගිය බව ඉරානය තහවුරු කර තිබෙනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන්නේ, ඉරිදා එල්ල වූ

මිතුරන් සමග බෙදාගන්න

ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශයේ ප්‍රධානී මොහොමඩ් කසෙමි මිය ගිය බව ඉරානය තහවුරු කර තිබෙනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන්නේ, ඉරිදා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කසෙමි මහතා ඔහුගේ නියෝජ්‍ය හසන් මොහාක්ක් සහ අණදෙන නිලධාරී මොහ්සන් බකෙරි සමඟ ජීවිතක්ෂයට පත් වූ බවයි.

මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට තවත් මිසයිල ප්‍රහාර මාලාවක් එරට වේලාවෙන් අද (ජූනි 16) අලුයම් කාලයේ දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පවසනවා. IDF පවසන්නේ, ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට දියත් කරන ලද මිසයිල හඳුනාගත් බවත්, තර්ජනය වළක්වා ගැනීම සඳහා ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළ බවත්ය.

තත්ත්වය තවදුරටත් උග්‍රවීමත් සමඟ, ඊශ්‍රායල හමුදාව මහජනතාවට නැවත දැනුම්දෙන තුරු ආරක්ෂිත ස්ථානවලට වී රැඳී සිටින ලෙස උපදෙස් දී තිබෙනවා. එමෙන්ම, විශාල ජන රැස්වීම්වලින් වළකින ලෙසත් ඊශ්‍රායල බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම සිදුවීම් මාලාව මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහළ දමා තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්