සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට

ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශයේ ප්‍රධානී මොහොමඩ් කසෙමි මිය ගිය බව ඉරානය තහවුරු කර තිබෙනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන්නේ, ඉරිදා එල්ල වූ

මිතුරන් සමග බෙදාගන්න

ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශයේ ප්‍රධානී මොහොමඩ් කසෙමි මිය ගිය බව ඉරානය තහවුරු කර තිබෙනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන්නේ, ඉරිදා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කසෙමි මහතා ඔහුගේ නියෝජ්‍ය හසන් මොහාක්ක් සහ අණදෙන නිලධාරී මොහ්සන් බකෙරි සමඟ ජීවිතක්ෂයට පත් වූ බවයි.

මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට තවත් මිසයිල ප්‍රහාර මාලාවක් එරට වේලාවෙන් අද (ජූනි 16) අලුයම් කාලයේ දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පවසනවා. IDF පවසන්නේ, ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට දියත් කරන ලද මිසයිල හඳුනාගත් බවත්, තර්ජනය වළක්වා ගැනීම සඳහා ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළ බවත්ය.

තත්ත්වය තවදුරටත් උග්‍රවීමත් සමඟ, ඊශ්‍රායල හමුදාව මහජනතාවට නැවත දැනුම්දෙන තුරු ආරක්ෂිත ස්ථානවලට වී රැඳී සිටින ලෙස උපදෙස් දී තිබෙනවා. එමෙන්ම, විශාල ජන රැස්වීම්වලින් වළකින ලෙසත් ඊශ්‍රායල බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම සිදුවීම් මාලාව මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහළ දමා තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්