සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

කඳාන සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මුනිඳු කිරුළ සොරාගනී

කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ තැන්පත් කර තිබූ වසර 175කට වඩා පැරණි ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහර ප්‍රතිමාවෙහි වූ රන් ආභරණය, ඔටුන්න හා ඊතල 7ක් යම්කිසිවෙක් සොරගෙන

මිතුරන් සමග බෙදාගන්න

කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ තැන්පත් කර තිබූ වසර 175කට වඩා පැරණි ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහර ප්‍රතිමාවෙහි වූ රන් ආභරණය, ඔටුන්න හා ඊතල 7ක් යම්කිසිවෙක් සොරගෙන ගොස් තිබේ.

ඊයේ (01) අලුයම මෙම සොරකම සිදුව ඇති බවත් එම තැනැත්තා සිද්ධස්ථානයට පැමිණෙන අයුරු එහි සීසීටීවී කැමරාවක සටහන්ව ඇති බවත් පොලීසිය පවසයි.

පසුව එම පුද්ගලයා ප්‍රතිමාව ද රැගෙන පලාගොස් තිබේ.

අලුයම 2ත් 3ත් අතර කාලය තුළදී මෙම සොරකම සිදුව තිබූ අතර ඒ පිළිබඳ සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් හා පොලීසිය සිද්ධස්ථානයට පැමිණ ඒ ගැන සොයාබලා තිබුණි.

පැය 8කට අධික කාලයක් සිදුකළ සෝදිසියකින් පසු ප්‍රතිමාව සොයාගැනුණේ සිද්ධස්ථානයට යාබද ප්‍රාථමික පාසලක වහලයක් මත පොහොර උරයක දමාගොස් තිබියදීය.

ප්‍රතිමාවේ වූ ඔටුන්න, ඊතල හා රන් භාණ්ඩ එම තැනැත්තා සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කර ඇතත් සැකකරු සොයාගන්නට මෙතෙක් හැකිවී නැත.

මේ අතර එම ප්‍රතිමාව යළි සිද්ධස්ථානය තුළ තැන්පත් කොට ඊයේ විශේෂ ආශිර්වාද දේව මෙහෙයක්ද පවත්වා තිබේ.

මෙම ප්‍රතිමාව 1848 වසරේදී දේවස්ථානයට ලැබී ඇති අතර එය දිවයිනේ විවිධ ප්‍රදේශවල දහස් ගණනක බැතිමතුන්ගේ මහත් භක්ත්‍යාදරයට පාත්‍රවූවකි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්