සිරස්තල
ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක් ‘මහසිලු’ නම් ඇතාගේ මළ සිරුර හමුවෙයි එලොන් මස්ක් අභිබවා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලැරී එලිසන් බවට පත්වෙයි ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය ඇෆ්ගනිස්තානයට ජයග්‍රාහී ආරම්භයක් රුසියාවෙන් පිළිකා එන්නතක්: භාවිතයට සූදානම් බවට නිල ප්‍රකාශයක්

කවපෙත්ත විසිකිරීමෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවයි

කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තාව දෙවන වරටත් අලුත්කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා සමත් විය. අමෙරිකාවේ ඊයේ (13) පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 75.56ක දක්ෂාවක්

මිතුරන් සමග බෙදාගන්න

කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තාව දෙවන වරටත් අලුත්කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා සමත් විය.

අමෙරිකාවේ ඊයේ (13) පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 75.56ක දක්ෂාවක් දක්වමින් ඔහු මෙම වාර්තාව පිහිටු වීය.

ඒ අනුව කවපෙත්ත ඉසිලීමේ දී මීටර් 75 සීමාව ඉක්මවා ගිය පළමු ක්‍රීඩකයා බවට ද ඔහු පත්විය.

කෙසේ නමුත් තවමත් 22 හැවිරිදි වියේ පසුවන ඇලෙක්නා මෙහි පෙර ලෝක වාර්තාවේද හිමිකරුවාය.

පසුගිය වසරේ දී ඔහු මීටර් 74.35ක් විසිකරමින් එම වාර්තාව පිහිටු වීය.

එහි විශේෂත්වය වන්නේ එවරද ඔහු මෙම ලෝක වාර්තාව පිහිට වූයේ මෙම ස්ථානයේදී වීමයි.

පසුගිය වසරේදී ඇලෙක්නා එම වාර්තාව පිහිටවනු ලැබුවේ එතෙක් වසර 38ක (1986 වසරේ සිට) දීර්ඝ ලෝක වාර්තාවේ අවසානය සනිටුහන් කරමින්ය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්