සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

කවපෙත්ත විසිකිරීමෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවයි

කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තාව දෙවන වරටත් අලුත්කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා සමත් විය. අමෙරිකාවේ ඊයේ (13) පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 75.56ක දක්ෂාවක්

මිතුරන් සමග බෙදාගන්න

කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තාව දෙවන වරටත් අලුත්කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා සමත් විය.

අමෙරිකාවේ ඊයේ (13) පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 75.56ක දක්ෂාවක් දක්වමින් ඔහු මෙම වාර්තාව පිහිටු වීය.

ඒ අනුව කවපෙත්ත ඉසිලීමේ දී මීටර් 75 සීමාව ඉක්මවා ගිය පළමු ක්‍රීඩකයා බවට ද ඔහු පත්විය.

කෙසේ නමුත් තවමත් 22 හැවිරිදි වියේ පසුවන ඇලෙක්නා මෙහි පෙර ලෝක වාර්තාවේද හිමිකරුවාය.

පසුගිය වසරේ දී ඔහු මීටර් 74.35ක් විසිකරමින් එම වාර්තාව පිහිටු වීය.

එහි විශේෂත්වය වන්නේ එවරද ඔහු මෙම ලෝක වාර්තාව පිහිට වූයේ මෙම ස්ථානයේදී වීමයි.

පසුගිය වසරේදී ඇලෙක්නා එම වාර්තාව පිහිටවනු ලැබුවේ එතෙක් වසර 38ක (1986 වසරේ සිට) දීර්ඝ ලෝක වාර්තාවේ අවසානය සනිටුහන් කරමින්ය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්