සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඉන්දුනීසියාවේ හදිසියේ ගොඩබස්සයි

ඊයේ (ජූනි 5) සවස කටුනායක සිට සිංගප්පූරුව බලා පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසියේ

මිතුරන් සමග බෙදාගන්න

ඊයේ (ජූනි 5) සවස කටුනායක සිට සිංගප්පූරුව බලා පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.

ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් විසින් ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අදාළ දෝෂය නිවැරදි කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බව දැනුම් දී තිබෙනවා. ඒ හේතුවෙන් ගුවන් මගීන් හෝටල් කාමර වෙත යොමු කිරීමට තීරණය කර ඇති බව සඳහන් වුවත්, ඉන්දුනීසියානු බලධාරීන් මුලින් හෝටල් කාමර තුළ රැඳවීමට අවස්ථාව ලබා නොදීමත් සමඟ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබෙනවා. කෙසේ වෙතත්, එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකි වූ බව වාර්තා වේ.

දෝෂයට ලක්වූ ගුවන් යානයේ මගීන් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අද (ජූනි 6) දහවල් 1.45ට තවත් ගුවන් යානයක් මෙඩාන් බලා පිටත්ව යාමට නියමිතයි. මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කනගාටුව පළ කරනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්