සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලබා සිටි මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා මැලේසියාවේදී එරට පොලිසිය විසින්

මිතුරන් සමග බෙදාගන්න

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලබා සිටි මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා මැලේසියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා පළ වේ. මෙයට අමතරව, තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කමාන්ඩෝ සලින්ත’ ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.

‘කෙහෙල්බද්දර පද්මේ’ වෙනත් නමකින් මැලේසියාවේ පෙනී සිට ඇති අතර, ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලීසිය මගින් ලබා දී ඇතැයි සඳහන් වේ. 2018 වසරේදී ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ ‘ගණේමුල්ල සංජීව’ සහ ‘පස් පොඩ්ඩා’ටයි. ඉන් පසුව ‘කෙහෙල්බද්දර පද්මේ’ ඩුබායි වෙත පලා ගොස් ඇති අතර, එතැන් සිට ඔහු ඝාතන රැසක් මෙහෙයවා තිබේ.

මෑතකදී ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සලින්ත’ සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වූයේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ‘ගණේමුල්ලේ සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීම ඔවුන් මෙහෙයවූ බවට වාර්තාවීමත් සමඟයි.

කෙසේ වෙතත්, ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් කළ විට, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ නොහැකි බවයි. නමුත් මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්