සිරස්තල
අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක්

චාමරට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය. 2016 වසරේ ඌව

මිතුරන් සමග බෙදාගන්න

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය.

2016 වසරේ ඌව පළාත් මහ ඇමැති ලෙස කටයුතු කරමින් සිටියදී පෙර පාසල් සිසුන් සඳහා පොත් බෑග් ලබා දීමට රාජ්‍ය බැංකුවකින් ලැබුණු රුපියල් මිලියනයක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.

අදාළ ඇප ඉල්ලීම බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් සලකා බැලීමෙන් පසු, මන්ත්‍රීවරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් වීමට අවසර ලැබිණි.

මෙම නඩුව නැවත ලබන ඔක්තෝබර් 21 වන දින කැඳවීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්