සිරස්තල
ෂෝන් පොලොක්ගේ වාර්තාව වනිඳු හසරංග බිඳ දමයි! එලොන් මස්ක්ගේ “The America Party”: ඇමරිකානු දේශපාලනයේ තුන්වන බලවේගයක් බිහිකරයිද? ක්ලැරන්ස් විජේවර්ධනට උපහාරයක් වූ ‘තේජා ඉද්දමල්ගොඩගේ’ අවසන් සිනමා නිර්මාණය තිරගත වේ වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත්ගේ මරණය ගැන CBI අවසන් තීරණය

ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් වසර පහකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් තිබු නඩු ගොණු සියල්ල එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් “CBI”වසා

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් වසර පහකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් තිබු නඩු ගොණු සියල්ල එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් “CBI”වසා දැමීමට තීරණය කර තිබේ.

එය “සියදිවි නසාගැනීමේ සරල නඩුවක්” ලෙස සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

එමෙන්ම මරණය සම්බන්ධයෙන් පැවති නඩුවේ ගොනු කර ඇති FIR පෙත්සම් දෙකෙහි නම් කර ඇති සියලුම පුද්ගලයින් CBI විසින් නිදහස් කර ඇත.

එලෙස නිදහස් කර ඇත්තේ, සුෂාන්ත් රාජ්පුත් ගේ පෙම්වතිය වූ රංගන ශිල්පිනී රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන් සහ සහෝදරයා මෙන්ම රාජ්පුත්ගේ සහෝදරියක් වන ප්‍රියංකා සහ වෛද්‍යවරයෙකුවය.

එමෙන්ම සියදිවි නසා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද නිගමනය කර ඇත.

CBI එහි අවසන් වාර්තාව සමඟ ලේඛන සහ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් ගොනු කර ඇති අතර, අධිකරණය අප්‍රේල් 8 වන දිනට නඩුව විභාග කිරීමට සහ වැඩිදුර නියෝග සඳහා දින නියම කර ඇත බව සඳහන් වේ.

නළු සුෂාන්ත් සිං රාජ්පුත් ඔහුගේ මුම්බායි නිවසේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී සොයා ගැනුනේ 2020 වසරේ ජුනි 14 වනදාය.

සියදිවි නසා ගැනීමට අනුබල දීම, වංචා කිරීම, වැරදි ලෙස රඳවා තබා ගැනීම, සොරකම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයට සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා යටතේ රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන් සහ සහෝදරයා සහ තවත් දෙදෙනෙකු නම් කරමින් CBI 2020 අගෝස්තු 6 වන දින FIR පෙත්සම් ගොනු කර තිබුණි.

රාජ්පුත්ගේ පියා විසින් පැට්නා පොලීසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත මෙම FIR පෙත්සම් ගොනු කර තිබුනේ අදාළ පුද්ගලයින් නළු රාජ්පුත්ට එවැනි පියවරක් ගැනීමට හේතු වූ බවට චෝදනා කරමිනි.

2020 ජුනි 14 වනදා 34 හැවිරිදි සුෂාන්ත්ගේ මරණයත් සමඟ ඔහුගේ අකල් වියෝව සම්බන්ධයෙන් ලොව පුරා ඔහු   ගේ රසික රසිකාවියන් මෙන්ම විවිද සංගම් පරීක්ෂණයක් ඉල්ලා හඬ නැගීය.

මේ අතර, ඇතැමුන් චෝදනා කළේ මෙම මරණයට හේතුව බොලිවුඩ් සිනමාවට සම්බන්ධ දැවැන්ත පවුල් කණ්ඩායම්වල ඇතැම් බලපෑම් සහ ක්‍රියාවන් බවටය.

එමෙන්ම ඔවුන් පැවසුවේ මෙය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය ඝාතනයක් වියයුතු බවටත්ය.

ඒ සුෂාන්ත් සිය නිවසේ මියගොස් සිටි ආකාරය, මරණ පරීක්ෂණය හා සම්බන්ධ ගැටලු සහ ඇතැම් සාක්ෂි විනාශ කිරීම වසන් කිරීම යන කරුණු උපුටා දක්වමිනි.

ඒ අනුව වසර 5කට ආසන්න කාලයක් සුෂාන්ත්ගේ මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් පරීක්ෂණ පැවැත් වූ අතර අවසානයේ ඔවුන් තීරණය කර ඇත්තේ මෙය සියදිවි නසා ගැනීමක් බවටය.

එහි අවසන් තීන්දුව අධිකරණය විසින් අප්‍රේල් 8 වනදා ලබාදීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

ඉන්දීය සිනමා ඉතිහාසයේ සිටම මේ වන තෙක්ම නළු නිලියන් කිහිපදෙනෙකු මෙලෙස ආන්දෝලනාත්මක ලෙස මියගොස් ඇති අතර ඇතැම් මරණ වසර ගණන් පැරණි වුවත් අදටත් අභිරහසක් ඉතිරිකර තිබේ.

එවන් අකල් මරණ අතර, දිව්‍යා භාරතී, ශ්‍රීදේවි, කුනාල් සිං, මීනා කුමාරි, ගුරු දත්, පර්වීන් බබී, ජියා ඛාන්, කුල්ජීත් රන්ධාවා, ස්මිතා පටිල් සහ නෆීසා ජෝසප් වැනි ඉන්දීය නළු ලියන්ගේ මරණ ප්‍රධාන වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්