සිරස්තල
ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

ජනාධිපතිගෙන් දෙමළ ඩයස්පෝරාවට ආරාධනාවක්

මාන්කුලම්හි ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරයි. අද පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පැවති ජනහමුවකදි ඔහු මෙම

මිතුරන් සමග බෙදාගන්න

මාන්කුලම්හි ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරයි.

අද පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පැවති ජනහමුවකදි ඔහු මෙම ආරාධනාව සිදු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,

“ගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයේදි දුරකථනයෙන් ඉල්ලුවේ ජනාධිපති පුතෙක්, පොහොට්ටුවෙන් ඉල්ලුවේ ජනාධිපති පුතෙක්, සිලින්ඩරෙන් ඉල්ලුවේ ජනාධිපති කෙනෙකුගේ බෑනෙක්, මම තඹුත්තේගම. ඒ අය හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා.”

“එමෙනම් ජනතාව මොකද්ද කළේ ? පළමු වරට හැදුවා මහජන මුදල් හොරකම් නොකරන ආණ්ඩුවක්. හොරකම් කරපු අයට මොකද කරන්නේ අහනවා. අනිවාර්යෙන්ම දඬුවම් ලබාදෙනවා. මේ වෙනකොටත් උතුරු – මැද හිටපු මහඇමති හිරේ, ඌවේ හිටපු මහඇමති රිමාන්ඩ්, නැ‍ගෙනහිර හිටපු මහඇමති රිමාන්ඩ්, තව හිටපු ඇමතිවරයෙක් හැංගිලා. හොඳයිනේ. හරියට වැඩේ කරනවා.”

“අපි නඩු දාලා තියෙනවා. හිටපු ජනපතිගේ ලොකු පුතාට එක නඩුවක් දැම්මා, දෙවැනි පුතාට නඩු දෙකක් දැම්මා, ආච්චිටත් එක නඩුවක් දැම්මා. පළමු වතාවට ආණ්ඩුවක් හදලා තියෙනවා තරාතිරම නොබලා කාටත් නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්. මැයි 6 වැනිදා මේ ආණ්ඩුවට තවත් විශාල හයියක් ලබාදෙන්න. ප්‍රාදේශීය සභා සියල්ල ජාතික ජන බලවේගයට භාරදෙන්න.ලෑස්තියිනේ… අපි දිනන්න ඕන. මේක ආපහු හැරෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ.”

“අපේ විශාල බලාපොරොත්තුනක් තියෙනවා මේ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා. ආණ්ඩුවේ පළමු කාලය තුළ ජාත්‍යන්තර තරගයක් පවත්වනවා. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා හැබැයි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධය නැති රටක් හදමු. අනන් ඒක තමයි ජාතික ජන බලවේගයේ වැඩේ. මේ ප්‍රදේශයේ හිටිය බොහෝ අය විදෙස්ගත වෙලා ඉන්නේ. ඔවුන්ට විශාල ආදායම් තියෙනවා. අපි ඒ සියලුදෙනාට ආරාධනා කරනවා එන්න ලංකාවට. ආයෝජනය කරන්න පටන්ගන්න. අපි මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කරනවා ඒවට එන්න ආයෝජනය කරන්න. ඔබ කොහෝ හිටියත් මේක අපි ඉපදුන රට මේ රට හදන්න සහභාගි වෙන්න කියලා ඩයස්පෝරාවේ අයට කියනවා”

වෙනත් පුවත්

උණුසුම් පුවත්