සිරස්තල
නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි

ටික්ටොක් සුපිරි තරුව කාබි ලාමේ ඇමෙරිකාවෙන් පිටුවහල් කරයි

ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමඟින් ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ, සිය වීසා කාලය ඉක්මවා ඇමෙරිකාවේ රැඳී සිටීම හේතුවෙන් එරට ෆෙඩරල් බලධාරීන්ගේ

මිතුරන් සමග බෙදාගන්න

ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමඟින් ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ, සිය වීසා කාලය ඉක්මවා ඇමෙරිකාවේ රැඳී සිටීම හේතුවෙන් එරට ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්වීමෙන් පසු පසුගියදා ඇමෙරිකාවෙන් නෙරපා හැර තිබෙනවා.

වත්මන් ට්‍රම්ප් පරිපාලනය යටතේ ස්ථාපිත කර ඇති ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය (ICE) ගනු ලැබූ තීරණයකට අනුවයි ලාමේ මෙලෙස රටින් පිට කිරීමට පියවර ගෙන ඇත්තේ. ඔහු එම ඒජන්සියේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිට ඇත.

සෙනගාල සම්භවයක් සහ ඉතාලි පුරවැසිභාවය සහිත ලාම්ගේ සැබෑ නම සෙරින්ගේ කාබානේ ලාමේ. ගෙවුණු කොවිඩ්-19 වසංගත සමයේදී කිසිදු අදහස් දැක්වීමකින් තොරව, හුදෙක් සිය මුහුණේ ඉරියව් සහ හැසිරීම් මඟින් ඉදිරිපත් කළ උපහාසාත්මක අංග තුළින් ඔහු ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර අතිශය ජනප්‍රිය තාරකාවක් බවට පත් වුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්