සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

ටිම් බූන් මසකට ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එක් වෙයි

එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මාසයක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු සහ ඉහළ දක්ෂතා උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්

මිතුරන් සමග බෙදාගන්න

එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මාසයක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු සහ ඉහළ දක්ෂතා උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරනු ලැබ තිබෙනවා.

ඔහුගේ සේවා කාලය පසුගිය 8 වන දින ආරම්භ වූ අතර, එම කාලය තුළ ඔහු ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම, කාන්තා ‘ඒ’ කණ්ඩායම, පිරිමි නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා 17න් පහළ ජාතික කණ්ඩායම යන කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පිතිහරඹ කුසලතා වර්ධනය කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට නියමිතයි. තවද, මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත පිතිහරඹය සහ එක් එක් ක්‍රීඩකයාගේ දක්ෂතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් තාක්ෂණික සහ උපාය මාර්ගික පුහුණු සැසිවලටද ඔහු සහභාගී වනු ඇත.

ටිම් බූන් මීට පෙර එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර ඇති පළපුරුදු පුහුණුකරුවෙකු වීම විශේෂත්වයක්.

වෙනත් පුවත්

උණුසුම් පුවත්