සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

ඩෙංගු සහ චිකුන්ගුන්යා වසංගත තත්ත්වයට: ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනය කරන්නේ, මේ වන විට ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනය කරන්නේ, මේ වන විට ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙන්නේ, මෙම රෝග දෙකම එකම මදුරුවාගෙන් බෝ වන අතර, මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන වන බවයි.

පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වේගයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අංශ පසුගියදා පැවති කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේ, බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් මෙම රෝගීන් වාර්තා වී ඇති බවයි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 23,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එසේම, 2009 වසරෙන් පසු වැඩිම චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාවක් මේ වසරේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය හමුවේ මහජනතාව මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමටත්, උණ වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්