සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා වසංගත තත්ත්වයට: ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනය කරන්නේ, මේ වන විට ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනය කරන්නේ, මේ වන විට ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙන්නේ, මෙම රෝග දෙකම එකම මදුරුවාගෙන් බෝ වන අතර, මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන වන බවයි.

පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වේගයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අංශ පසුගියදා පැවති කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේ, බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් මෙම රෝගීන් වාර්තා වී ඇති බවයි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 23,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එසේම, 2009 වසරෙන් පසු වැඩිම චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාවක් මේ වසරේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය හමුවේ මහජනතාව මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමටත්, උණ වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්