සිරස්තල
බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී

තත්පරයකට දස දෙනෙකුට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවකාශ

මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසන පරිදි, මීට පෙර තත්පරයකට බැතිමතුන් තිදෙනෙකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව සැලසීමට මුලින් සැලසුම්

මිතුරන් සමග බෙදාගන්න

මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසන පරිදි, මීට පෙර තත්පරයකට බැතිමතුන් තිදෙනෙකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව සැලසීමට මුලින් සැලසුම් කර තිබුණද, එම සැලැස්ම වෙනස් කර තත්පරයකට බැතිමතුන් 9ත් 10ත් අතර සංඛ්‍යාවකට වන්දනා කිරීමට අවකාශය සලසා දී ඇත.

මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලාගේත්, දියවඩන නිලමේතුමාගේත් උපදෙස් පරිදි එක්වරකට බැතිමතුන් 9ත් 10ත් අතර පිරිසකට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

තත්පරයකට තිදෙනෙකුට පමණක් දළදා වහන්සේ දැක බලා ගැනීමට අවස්ථාව ලබා දුන්නේ නම්, දවසේ පැය පහහමාරක කාලය තුළ වන්දනා කිරීමට අවස්ථාව ලැබෙන්නේ 54,000 කට පමණක් බවත්, දින 10 අවසානයේදී දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව හිමිවන්නේ ලක්ෂ පහහමාරකට පමණක් බවත් ඔහු පැහැදිලි කළේය. කෙසේ වෙතත්, තත්පරයකට බැතිමතුන් 9ත් 10ත් අතර පිරිසකට අවස්ථාව ලබා දීමෙන් දින දහය තුළ ලක්ෂ 15 කට පමණ වන්දනා කිරීමට අවස්ථාව හිමි වන බව ඔහු වැඩිදුරටත් කීවේය.

2009 වසරේ පැවති දළදා ප්‍රදර්ශනයේදී ලක්ෂ 15 ක පිරිසක් පැමිණියද, ඔවුන් සියලු දෙනාටම දළදා වහන්සේ වන්දනා කිරීමට නොහැකි වීම නිසා නොසන්සුන්තා පවා ඇති වූ බවත්, මෙවර එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. දළදා වහන්සේ දැකීම සඳහා සකස් කර ඇති පෝලිම් තුන දළදා මාලිගාවේ මහ මළුවේදී එකම පෝලිමක් බවට පත්වන අතර, වාහල්කඩ අසලදී පුනීලයක හැඩයට පෝලිම කෙටි වන බව ද ඔහු පැවසීය.

මහ මළුවට ඇතුළු වන සියලු දෙනාටම දළදා වහන්සේ දැක ගැනීමට අවස්ථාව ලැබෙන බවත්, ප්‍රදර්ශන කාලය අවසන් වුවද ඔවුන් නැවත පෝලිමට එකතු නොකරන බවත්, තවත් විනාඩි 10 ක් හෝ 15 ක් පමණ කාලය දීර්ඝ කර පස්වරු 5.45 පමණ දක්වා බැතිමතුන් වෙනුවෙන් දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

විශේෂ අවශ්‍යතා ඇති සහ ආබාධිත පුද්ගලයින්ට කිසිදු බාධාවකින් තොරව රෝද පුටුවේ සිටම දළදා සමිඳුන් නැරඹීමට අවස්ථාව සලසා ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (17 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්