ට්‍රම්ප් – ෂී ජින්පින් තීරණාත්මක හමුව අද

ලොව දැවැන්තම ආර්ථිකයන් ද්විත්වය වන අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13)

මිතුරන් සමග බෙදාගන්න

ලොව දැවැන්තම ආර්ථිකයන් ද්විත්වය වන අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතය. මෙය දශකයකට ආසන්න කාලයකට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදුකරන පළමු සංචාරය වීම විශේෂත්වයකි.

2025 ජනවාරි මාසයේදී සිය දෙවන ධුර කාලය ආරම්භ කිරීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. මීට පෙර 2025 ඔක්තෝම්බර් මාසයේදී දකුණු කොරියාවේ බුසාන් හි පැවති ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුව අතරතුර ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවුව ද, ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ මෙලෙස නිල වශයෙන් හමුවන පළමු අවස්ථාව මෙය වේ.

ලෝක දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වයට සෘජුවම බලපාන කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී නායකයන් දෙපළ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි,

ඉරාන-ඊශ්‍රායල යුද්ධය: මැදපෙරදිග කලාපයේ පවතින අමෙරිකානු – ඊශ්‍රායල් යුදමය වාතාවරණය සහ එහි වර්ධනය පාලනය කිරීම.

තෙල් වෙළෙඳපොළ අර්බුදය: ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සහ ඉහළ යන තෙල් මිල පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග.

ආර්ථික සහයෝගීතාව: දෙරට අතර පවතින වෙළඳ සබඳතා සහ ආනයන අපනයන ගැටලු.

මෙම සංචාරය ගෝලීය දේශපාලනයේ ඉතා තීරණාත්මක මොහොතක සිදුවන්නකි. මැදපෙරදිග යුද්ධය හමුවේ අමෙරිකාව සහ චීනය දරන ස්ථාවරයන් ලෝක සාමය කෙරෙහි බලපාන බැවින්, මුළු මහත් ලෝකයේම අවධානය මේ වන විට බෙයිජිං නුවර වෙත යොමුව තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්