සිරස්තල

අම්බලන්තොටදී හිස ගසා දමා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අම්බලන්තොට, මාමඩල දකුණ බෝකුටුයාය ප්‍රදේශයේදී අතිශය කෲර අන්දමින් පුද්ගලයෙකු ඝාතනය කර, තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වේ. මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 34 හැවිරිදි

මිතුරන් සමග බෙදාගන්න

අම්බලන්තොට, මාමඩල දකුණ බෝකුටුයාය ප්‍රදේශයේදී අතිශය කෲර අන්දමින් පුද්ගලයෙකු ඝාතනය කර, තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වේ. මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 34 හැවිරිදි තිදරු පියෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිඳගේ පියා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

පොලිස් වාර්තාවලට අනුව, තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවසට කඩා වැදී මෙම ඝාතනය සිදුකර ඇත. මියගිය පුද්ගලයාගේ හිස කඳින් වෙන් කළ ඝාතකයින්, එම හිස රැගෙන ගොස් මාමඩල මංසන්දියේ පිහිටි පිළිරුවක ගසා පලාගොස් තිබේ. ඝාතකයින් විසින් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සිද්ධිය වූ ස්ථානයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයා සාමාන්‍ය අයෙකු නොවන බවත්, ඔහු 2024 ජනවාරි 02 වනදා අම්බලන්තොට ඇලේගොඩ ප්‍රදේශයේ සිදුවූ ආන්දෝලනාත්මක ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු බවත් අනාවරණය වී තිබේ. ඔහු එම නඩුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය මාර්තු 30 වනදා ඇප මත නිදහස්ව පැමිණි අයෙකි.

පසුගිය වසරේ සිදුවූ එම ත්‍රිත්ව ඝාතනයට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කර තිබේ. සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සාක්ෂි සහ විද්‍යාත්මක දත්ත උපයෝගී කරගනිමින් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්