සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

දෙවිනුවර වෙඩි තැබීමකින් තරුණයන් දෙදෙනෙක් මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ දි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් ඊයේ රාත්‍රී 11.45ට

මිතුරන් සමග බෙදාගන්න

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ දි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් ඊයේ රාත්‍රී 11.45ට පමණ කළ වෙඩි තැබීමකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණයට පත්වූවන් අවුරුදු 28 හා 29 වයස්වල පසුවන දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන යොමේෂ් නදීෂාන් හා පසිදු තාරුක යන අය බව හඳුනාගෙන ඇත.

ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර, එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරුපැදියේ හප්පා තිබේ.

වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් මෙන්ම මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි යොදාගෙන ඇති අතර මෙම වෙඩි තැබීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැත.

වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් ගන්දර පොලිස් වසමේ ලෑල් මඩම ප්‍රදේශයේදි පිහිටි අතුරු මාර්ගයක ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
එම වෑන් රථය තුළ ටී-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වී තිබේ.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් සොයාගැනීමට පොලිසිය සමත් වී තිබේ.

වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් 22 වැනිදා අළුයම් කාලයේදීම සිදු කළේය.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් හෝ මෙම වෙඩිතැබීමට හේතුව පිළිබඳව මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්