නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා නිල සංචාරයක් සඳහා අද (මැයි 25) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් උණුසුම් ලෙස පිළිගෙන ඇති බව වාර්තා වේ.
මෙම නිල සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවීමට නියමිතයි. මෙම හමුවීම්වලදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, වෙළඳ කටයුතු, ආයෝජන අවස්ථා සහ කලාපීය සහයෝගිතාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සංචාරය හේතු වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.