සිරස්තල
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ රහසිගත ක්‍රියාවලිය මැයි 07 වැනිදා

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා මීළඟ පාප් පදවිය තෝරා ගැනීමේ නිල ක්‍රියාවලිය, එනම් කොන්ක්ලේව් මැයි 07 වනදා පැවැත්වීමට නියමිත බව

මිතුරන් සමග බෙදාගන්න

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා මීළඟ පාප් පදවිය තෝරා ගැනීමේ නිල ක්‍රියාවලිය, එනම් කොන්ක්ලේව් මැයි 07 වනදා පැවැත්වීමට නියමිත බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලත් කාදිනල්වරුන් සංඛ්‍යාව 135ක් වන අතර, ඔවුන් යුරෝපයෙන් 53ක්, ආසියාවෙන් 23ක්, උතුරු ඇමරිකාවෙන් 20ක්, අප්‍රිකාවෙන් 18ක්, දකුණු ඇමරිකාවෙන් 17ක් සහ ඕෂනියාවෙන් 4ක් ලෙස ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරනවා. මෙම ඡන්දයට සහභාගී වන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩු විය යුතුයි.

වතිකානයේ සිස්ටීන් දේවස්ථානය තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම ලෝකයේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීමක් ලෙස සැලකෙන අතර, බාහිර ලෝකයෙන් වෙන්ව එය පැවැත්වීම සඳහා අද (28) සිට සිස්ටීන් දේවස්ථානය වසා දමා තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන කාදිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකා, නව පාප්වරයෙකු තෝරා ගැනීමෙන් පසු ගිනි තබා විනාශ කරනු ලබන අතර, 1800 සිට පැවත එන මෙම සම්ප්‍රදායට හේතුව වන්නේ ඡන්දයේ රහස්‍යභාවය සුරැකීම සහ දේශපාලන බලපෑම්වලින් පල්ලිය ආරක්ෂා කර ගැනීමයි.

නව පාප්වරයෙකු තෝරාගත් බව බාහිර ලෝකයට දැනුම් දෙනු ලබන්නේ සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුවෙන් පිටවන දුමාරයෙනි. ඒ අනුව, සුදු දුමාරයක් පිටවුවහොත් කාදිනල්වරුන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන නව පාප්වරයෙකු තේරී පත්වූ බව සංකේතවත් කෙරෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්