සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

පළමු මාස පහ තුළ ඩෙංගු රෝගීන් 20,000ක්

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු වැළඳුණු පුද්ගලයන්ගේ ගණන 19,900 ඉක්මවා ගොස් තිබෙනවා. මැයි මාසයේ පළමු සති දෙක තුළ පමණක්

මිතුරන් සමග බෙදාගන්න

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු වැළඳුණු පුද්ගලයන්ගේ ගණන 19,900 ඉක්මවා ගොස් තිබෙනවා. මැයි මාසයේ පළමු සති දෙක තුළ පමණක් රෝගීන් 2,178ක් හඳුනාගෙන ඇති බව එම ඒකකය පෙන්වා දෙනවා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය 640ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 386ක් හමුවී ඇති අතර, මේ වසරේ මේ වන විට ඩෙංගු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 7ක්.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මැයි 19 සිට 24 දක්වා විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්