සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

පළාත් පාලන මැතිවරණය අද

2025 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඒ අනුව, දිවයින පුරා පිහිටි

මිතුරන් සමග බෙදාගන්න

2025 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව, දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක දී අද උදෑසන 7:00 සිට පස්වරු 4:00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 5,783ක දී සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන මෙම මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව එක් කෝටි 71 ලක්ෂ 56,338ක්. මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 75,589ක් වන අතර, ඉන් සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අවධාරණය කළා.

මැතිවරණ කාලය තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීම සහ සහන සැලසීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්