සිරස්තල
Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි සීගිරියෙන් අලි තිදෙනෙකුගේ මළ සිරුරු කොටස් හමු වෙයි; තවත් ඇතෙක් ගල්ගමුවෙන්

ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි

ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ වැදගත් ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, මෙය

මිතුරන් සමග බෙදාගන්න

ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ වැදගත් ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, මෙය මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් බවයි.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම මඟින් ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම මනාව පෙන්නුම් කරන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල තවත් සාර්ථක පියවරක් ලෙස මෙය සැලකිය හැකියි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, ජපානය සහ ඉන්දියාව සමඟ නිල ණය හිමිකම කමිටුවේ සම-සභාපතිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබාදීමේදී ප්‍රංශ ජනරජය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බවයි. ප්‍රංශයේ මෙම සහයෝගය, ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගැනීමට මහත් රුකුලක් වී තිබෙනවා.

මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වීමටත්, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගය තහවුරු කිරීමටත් මඟ පෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්