සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැති අමරසූරියගෙන් අවධාරණයක්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන ප්‍රධාන ගැටලු රැසක මූලය වී ඇත්තේ පාසල් පද්ධතිය තුළ පවතින අසමානතාවය බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන ප්‍රධාන ගැටලු රැසක මූලය වී ඇත්තේ පාසල් පද්ධතිය තුළ පවතින අසමානතාවය බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

අගමැතිවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රටේ පවතින අධික තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දෙන බරපතල පීඩනයට සහ වෙනත් ගැටලුවලට මූලික වී ඇත්තේ ද මෙම පාසල් අතර අසමානතාවය බවයි.

වර්තමාන රජය මෙම අසමානතාවය අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් ලෙස සලකමින් විශාල උත්සාහයක් දරන බව ඇය අවධාරණය කළාය

අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේදී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සෘජු සහභාගීත්වය, නායකත්වය, ආදර්ශය සහ දායකත්වය අත්‍යවශ්‍ය සාධක බව අග්‍රාමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් විෂය නිර්දේශය වෙනස් කිරීම පමණක් නොව, පහත සඳහන් අංශ කෙරෙහි ද විශේෂ අවධානය යොමු කර ඇති බව අමාත්‍යතුමිය සඳහන් කළාය:

  1. මානව සම්පත දියුණු කිරීම (ගුරුවරුන් සහ පරිපාලකයින්).
  2. පරිපාලනමය දියුණුව.
  3. යටිතල පහසුකම් සමානව බෙදා දීම.
  4. අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම.

මෙම පුළුල් පරාසයක ප්‍රතිසංස්කරණ තුළින් ගුණාත්මක හා සමාන අධ්‍යාපන පද්ධතියක් රටට දායාද කිරීමට වත්මන් රජය කටයුතු කරන බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්