සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකිණීම සම්බන්ධයෙන් සැකපිට තණමල්විල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ රසයන්ගෙන් යුක්ත මෙම දුම්වැටි අදාළ ව්‍යාපාරිකයා විසින් අලෙවි කිරීම

මිතුරන් සමග බෙදාගන්න

පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකිණීම සම්බන්ධයෙන් සැකපිට තණමල්විල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවිධ රසයන්ගෙන් යුක්ත මෙම දුම්වැටි අදාළ ව්‍යාපාරිකයා විසින් අලෙවි කිරීම සඳහා පාසල් සිසුවෙකුට ලබා දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ව්‍යාපාරිකයා විසින් එක් දුම්වැටියක් රුපියල් 100කට සිසුවාට ලබා දී ඇති අතර, සිසුවා එය පාසලේදී රුපියල් 200කට විකුණා තිබෙනවා. මෙම සිද්ධිය පාසලේම තවත් සිසුවෙකු විසින් විදුහල්පතිවරයාට දැනුම්දීමෙන් පසු දුම්වැටි අලෙවි කළ සිසුවා පරීක්ෂා කර තිබෙනවා. එහිදී, සිසුවා සන්තකයේ තිබී විදේශීය දුම්වැටි දෙකක් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් පරීක්ෂකවරයාට දැනුම්දීමෙන් පසු අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා තිබෙනවා. එහිදී සැකකරු සන්තකයේ තිබී දුම්වැටි 690ක් සහ දුම්වැටි විකුණා උපයාගත් රුපියල් 3,60,000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිදුවීම පාසල් දරුවන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සමාජය තුළ නැවත වරක් කතාබහක් ඇති කිරීමට හේතු වී තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්