සිරස්තල
ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ

පාස්කු උත්සව සමයේ ආරක්ෂාව තර කිරීමට පියවර

පාස්කු උත්සව සමයේ ආරක්ෂාව තර කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025 අප්‍රේල් 18 සහ

මිතුරන් සමග බෙදාගන්න

පාස්කු උත්සව සමයේ ආරක්ෂාව තර කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025 අප්‍රේල් 18 සහ 20 යන දිනවල පැවැත්වෙන බැවින් එම දිනවල බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

බැතිමතුන් වැඩි වශයෙන් පැමිණිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානවල සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත් ප්‍රධාන දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා විශේෂ අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් රාජකාරියේ යෙදවීමට තීරණය කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්