සිරස්තල
ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනෙන් දින 90ක නොමිලේ වීසා Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින්

මිතුරන් සමග බෙදාගන්න

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් වන අතර, මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයක්.

නවක ක්‍රීඩකයින් ලෙස ලහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිඳු රත්නායක සහ ඉසිත විජේසුන්දර නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, මුලින් සංචිතයට නම් කර සිටි ලහිරු කුමාර, පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන ජූනි 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025-2027 ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය වීම නිසා එයට විශේෂ වැදගත්කමක් හිමිවනවා. මෙම නවකයන්ට ජාත්‍යන්තර පිටියේදී තම දක්ෂතා පෙන්වීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්