සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

බලශක්ති අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ලබා දුන් සේවා දිගුවක් අවලංගු කරයි

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. නිරෝෂාන් මහතාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමේ තීරණය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබේ. බලශක්ති

මිතුරන් සමග බෙදාගන්න

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. නිරෝෂාන් මහතාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමේ තීරණය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබේ.

බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වන්නේ, අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම සේවා දිගුව ලබා දී ඇත්තේ විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විදේශගතව සිටි කාලයේදී සහ ඔහුට නොදන්වා බවයි.

අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ලබා දී ඇති මෙම සේවා දිගුව වහාම අවලංගු කරන ලෙසට අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව, මේ වන විට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩුව පවතින බව වාර්තා වේ. මෙම සිදුවීම අමාත්‍යංශයේ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්