සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

බ්‍රිතාන්‍ය හිටපු තානාපති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ලන්ඩනයේදී අත්අඩංගුවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපතිවරයෙකු වන පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා, රජයේ නිල කාර්යාලයක් තුළ සිදුකළ විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ලන්ඩන් පොලිසිය විසින්

මිතුරන් සමග බෙදාගන්න

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපතිවරයෙකු වන පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා, රජයේ නිල කාර්යාලයක් තුළ සිදුකළ විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ලන්ඩන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

72 හැවිරිදි වියේ පසුවන ඔහු උතුරු ලන්ඩනයේ කැම්ඩන්හි පිහිටි සිය නිවසේ රැඳී සිටියදී ඊයේ (23) මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අත්අඩංගුවට ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මැන්ඩෙල්සන් සාමිවරයා රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී, දණ්ඩනයට ලක්වූ ලිංගික අපරාධකරුවෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති බරපතළ චෝදනාවයි.

මීට පෙර ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නියැලී සිටි ඔහුට එරෙහිව පැන නැගුණු විවිධ විනය විරෝධී චෝදනා හේතුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඔහුව එම ධුරයෙන් ද පහ කිරීමට පියවර ගැනුණි.

රාජ්‍ය සේවයේ ගෞරවය කෙළෙසන අයුරින් කටයුතු කිරීම සහ අපරාධකරුවන්ට අනුබල දීම වැනි චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් දැනට ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, මෙම පුවත බ්‍රිතාන්‍ය දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයක් මතු කිරීමට සමත්ව තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්