සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහොය අදයි

බෞද්ධ ලෝකයට අතිශයින්ම වැදගත් දිනයක් වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි (12). අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිදු වූයේ අද වැනි

මිතුරන් සමග බෙදාගන්න

බෞද්ධ ලෝකයට අතිශයින්ම වැදගත් දිනයක් වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි (12).

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිදු වූයේ අද වැනි පෝය දිනයකයි.

බොහෝ ශාසනික වැදගත්කම්වලින් පිරිපුන් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලොව පුරා සිටින බෞද්ධ ජනතාව ආමිස පූජාවන්ට සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා.

මේ අතර, ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසය තබා වෙසක් දිනය අර්ථවත් ලෙස සැමරීමට කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ප්‍රකාශ කළා.

ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් උසස් අන්දමින් වෙසක් උත්සවය සැමරීමට පියවර ගත යුතු බව මල්වතු පාර්ශ්වයේ මහාලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් සඳහන් කළා.

වෙසක් සමය තුළ ලක්වාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය දෙමින් බුදුන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පෙන්වා දුන්නා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්