සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අන්තර් හුවමාරු ස්ථාන අතර සිදුවූ දරුණු රිය අනතුරකින් 32 හැවිරිදි අවිවාහක තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් හත් දෙනෙක් තුවාල

මිතුරන් සමග බෙදාගන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අන්තර් හුවමාරු ස්ථාන අතර සිදුවූ දරුණු රිය අනතුරකින් 32 හැවිරිදි අවිවාහක තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් හත් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අනතුර සිදුව ඇත්තේ අද (සැප්තැම්බර් 16) අලුයම් කාලයේදීයි. විදෙස්ගතව සිට පැමිණෙන සිය පෙම්වතා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත යමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක්, අධි ශීතකරණ සහිත ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරට ලක්ව ඇත්තේ නෙළුව, තවලම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයන් 8 දෙනෙක්. ජීවිතක්ෂයට පත් වූ තරුණිය දෙසැම්බර් මාසයේ විවාහ වීමට නියමිතව සිටි අතර, වෑන් රථයේ ඉදිරිපස වම් පස අසුනේ ඇය ගමන් කර ඇත. රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ ඇය විවාහ වීමට සිටි තරුණයායි. පොලීසිය සැක කරන්නේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

අනතුරින් වෑන් රථයට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, තුවාල ලැබූ හත් දෙනාගෙන් හතර දෙනෙක් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉන් එක් කාන්තාවක් දැඩිසත්කාර ඒකකයේ සිටින බව මොරගහහේන පොලීසිය සඳහන් කරයි. තුවාල ලැබූ අනෙක් තිදෙනා වයස අවුරුදු 13, 11 සහ 7 යන වයස්වල පසුවන කුඩා ළමුන් වන අතර, ඔවුන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්