සිරස්තල
තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

මහා සිකුරාදා අදට යෙදී තිබේ

ලොව පුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී දිවි පිදූ දිනය අද (18) මහ සිකුරාදා ලෙස සමරයි. යේසුස් ක්‍රිස්තුස්ගේ දුක් විඳීම සිහිපත් කරමින් කිතුනුවන් අළු

මිතුරන් සමග බෙදාගන්න

ලොව පුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී දිවි පිදූ දිනය අද (18) මහ සිකුරාදා ලෙස සමරයි.

යේසුස් ක්‍රිස්තුස්ගේ දුක් විඳීම සිහිපත් කරමින් කිතුනුවන් අළු බදාදා සිට දින 40 ක් පුරා නිරාහාරව සිටීම, පරිත්‍යාග කිරීම සහ ක්‍රිස්තුස්ගේ කුරුස ගමන සිහිපත් කරමින් පාද වන්දනාවේ යෙදීම වැනි ආගමික වතාවත්වල නිරත වේ.

යේසුස් ක්‍රිස්තුස්ගේ කුරුසියේ මරණය අද සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් නැවත නැඟිටීම සිහිපත් කරන පාස්කු ඉරිදා එළඹෙන ඉරිදාට යෙදී ඇත.

මේ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්