සිරස්තල
Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි සීගිරියෙන් අලි තිදෙනෙකුගේ මළ සිරුරු කොටස් හමු වෙයි; තවත් ඇතෙක් ගල්ගමුවෙන්

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (ජූනි 17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී

මිතුරන් සමග බෙදාගන්න

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (ජූනි 17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් තරගය ලෙස මෙය සනිටුහන් වීම විශේෂත්වයක්. මැතිව්ස්ගේ සමුගැනීම වෙනුවෙන් ගාල්ල ක්‍රීඩාංගණය විශේෂයෙන් සූදානම් කර තිබූ අයුරු අද දිනයේ දැකගත හැකි විය.

මෙම තරගාවලිය 2025-2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයයි. තරග 2කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ජූනි 16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියට එක්විය.

දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ටෙස්ට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානයද අද ගාල්ල ක්‍රීඩාංගණයේදී එළිදැක්විණි. මෙම තරගය ඇන්ජලෝ මැතිව්ස්ට ගෞරවනීය සමුගැනීමක් ලබා දෙන අතරම, ශ්‍රී ලංකා කණ්ඩායමට නව ලෝක ටෙස්ට් ශූරතාවලි චක්‍රයක් ජයග්‍රාහීව ආරම්භ කිරීමට අවස්ථාවක් වනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්