සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

රට විරුවෝ මාර්තු මාසයේ දී ඉතිහාසගත ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එවලා

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබේ. මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබේ.

මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 693.3 කි.

මේ අනුව 2025 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මෙය 2024 පළමු මාස 03හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,536.1ක ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී 18.1%ක වර්ධනයකි.

2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ලද ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය හැරුණු විට මෙය මෙතෙක් ඉතිහාසයේ, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති වැඩිම වටිනාකමකින් යුතු ප්‍රේෂණ ප්‍රමාණය වේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය දරුණු ලෙස පැවති 2020 දෙසැම්බර් වකවානුව තුළ දී ඉතාලිය, කොරියාව ඇතුළු රටවල සිටි බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය රැකියාවලින් ඉවත්ව මෙරටට පැමිණීමට කටයුතු කර තිබුණු නිසා, ඔවුන් එකවර ලද මුදල් (Terminal benefits) විශාල වශයෙන් මෙරටට ප්‍රේෂණය කිරීම හේතුවෙන් එම මාසයේ මාසයේ දී, ශ්‍රී ලංකාව ලද ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.

ඉන්පසු මාසයේ, එනම් 2021 ජනවාරි මාසයේ වාර්තා වී තිබුණු විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 675.3කි.

2024 සමස්ත වර්ෂය තුළ දී ඩොලර් මිලියන 6,575.4 ක ප්‍රේෂණ ප්‍රමාණයක්, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තා ඇසුරින් මෙම දත්ත වාර්තා ලබාගෙන ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්