සිරස්තල
ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක් රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ට්‍රම්ප් නේටෝවෙන් ඉල්ලයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක් ‘මහසිලු’ නම් ඇතාගේ මළ සිරුර හමුවෙයි එලොන් මස්ක් අභිබවා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලැරී එලිසන් බවට පත්වෙයි ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය ඇෆ්ගනිස්තානයට ජයග්‍රාහී ආරම්භයක් රුසියාවෙන් පිළිකා එන්නතක්: භාවිතයට සූදානම් බවට නිල ප්‍රකාශයක්

වඳවී ගිය වෘකයන් විශේෂයකට යළි පණ දෙයි

මීට වසර 10,000 කට පමණ පෙර ඇමරිකාවේ ජීවත් වී වදවී ගිය සැබෑ වෘකයන් විශේෂයක් වන “Dire Wolves” නම් වෘක විශේෂය ඉංජිනේරු සමාගමක් වන “Colossal Biosciences”

මිතුරන් සමග බෙදාගන්න

මීට වසර 10,000 කට පමණ පෙර ඇමරිකාවේ ජීවත් වී වදවී ගිය සැබෑ වෘකයන් විශේෂයක් වන “Dire Wolves” නම් වෘක විශේෂය ඉංජිනේරු සමාගමක් වන “Colossal Biosciences” විසින් සාර්ථක ලෙස නැවත ජීවයට ගෙන ඒමට සමත් වී තිබෙන බව වාර්තා වේ.

. “Dire Wolves” ලෙස හදුන්වන මෙම වෘක විශේෂය ඔවුන්ට වඩා විශාල වෙනත් ශාක භක්ෂකයන්ගේ බලපෑම නිසා මිහිමතින් වද වී ගිය බව බොහෝ දෙනා විශ්වාස කෙරේ . මේ සදහා ඔවුන් මෙම විශේෂයේ සමීපතම ඥාතියා වන අළු වෘකයෙකුගේ ජාන කේතයේ සංස්කරණ 20 ක් මෙන්ම ෆොසිල දෙකකින් ලබාගත් DNA භාවිත කර තිබෙනවා.

කොලොසල් ආයතනය පවසන පරිදි ඔවුන් මෙම වර්ගයේ වෘකයන් තිදෙනෙකු නිර්මාණය කර ඇති අතර මුල් විශේෂයේ සුදු හිම පැහැය ලෝම ලබාගැනීම සදහා ‘CRISPR’ නම් තාක්ෂණය භාවිත කර තිබේ .එසේ නිර්මාණය කල වෘකයන් තිදෙනාගෙන් දෙදෙනක් පිරිමි සතුන් වන අතර අනෙකා ගැහැණු සතෙක් බව සදහන් වේ .

මාස 6ක් වයසැති එම වෘකයන් අතරින් පිරිමි සතුන් දෙදෙනා ‘රොමුලස්’ සහ ‘රෙමස්’ ලෙස නම් කර ඇති අතර ගැහැණු සත්ත්වයාව ‘කලීසි’ ලෙස නම් කර තිබේ .

මෙම තිදෙනා මේ වන විට හෙළි නොකළ ස්ථානයක අක්කර 2,000 කට වඩා වැඩි සංවෘත රක්ෂිතයක ජීවත් වන බවට වාර්තා වෙනවා. ඒ වගේම වයසින් වැඩෙන විට ඔවුන්ගේ බර රාත්තල් 130 සිට 150 දක්වා වැනි අගයක් ගනු ඇති බවට අපේක්ෂා කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්