සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

වාහන ගෙන්වීම සඳහා නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

මුදල් අමාත්‍යාංශය වාහන ආනයනය සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, පැවති සීමාවන් කිහිපයක් ඉවත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික

මිතුරන් සමග බෙදාගන්න

මුදල් අමාත්‍යාංශය වාහන ආනයනය සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, පැවති සීමාවන් කිහිපයක් ඉවත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අප්‍රේල් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙම නව ගැසට් නිවේදනය හේතුවෙන් වරායේ නිෂ්කාශනය කිරීමට නොහැකිව තිබූ ඇතැම් මෝටර් රථ නිදහස් කර ගැනීමට හැකි වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා පැවසුවේ, මාස එකහමාරක පමණ කාලයක සිට නිෂ්කාශනය කර ගැනීමට නොහැකිව තිබූ Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL වැනි රථ නව ගැසට් නිවේදනය නිසා දැන් නිදහස් කර ගත හැකි බවයි. එමෙන්ම මෙම තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහන ද නිෂ්කාශනය කිරීමේ අවස්ථාව හිමිව ඇත.

තවද, ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ද ඉවත් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ආනයන බලපත්‍ර ලබා ගැනීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්