සිරස්තල
නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද එංගලන්තය සමඟ තරඟයට

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් අද (ඔක්තෝබර් 11) දින පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද

මිතුරන් සමග බෙදාගන්න

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් අද (ඔක්තෝබර් 11) දින පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද තරඟ වදින්නේ ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟිනි.

  • වේලාව: පස්වරු 3.00 ට
  • ස්ථානය: කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරගවල ප්‍රතිඵල අනුව, ඉන්දියාව සමඟ පැවති තරගයෙන් පරාජයට පත් විය.

එමෙන්ම, ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගය අයහපත් කාලගුණය (වර්ෂාව) හේතුවෙන් අත්හැර දැමීමට සිදු වූ අතර, ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමි විය.

ලෝක කුසලානයේ ඉදිරියට යෑමේ බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙම එංගලන්ත තරගය ජයග්‍රහණය අත්‍යවශ්‍ය වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්