සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

සීගිරියෙන් අලි තිදෙනෙකුගේ මළ සිරුරු කොටස් හමු වෙයි; තවත් ඇතෙක් ගල්ගමුවෙන්

දඹුල්ල, සීගිරිය, දිගම්පතහ රක්ෂිතයේ තිබී අද (ජූලි 22) මියගිය වන අලි තිදෙනෙකුගේ සිරුරු කොටස් සොයාගෙන තිබෙනවා. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ, මෙම

මිතුරන් සමග බෙදාගන්න

දඹුල්ල, සීගිරිය, දිගම්පතහ රක්ෂිතයේ තිබී අද (ජූලි 22) මියගිය වන අලි තිදෙනෙකුගේ සිරුරු කොටස් සොයාගෙන තිබෙනවා. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ, මෙම වන අලින් දින කිහිපයකට පෙර මිය යන්නට ඇතැයි සැක කරන බවයි.

වන අලින්ගේ සිරුරු කොටස් රක්ෂිතයේ ආසන්න ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී සොයාගෙන ඇත. මියගිය අලින්ගෙන් එක් අලියෙකුගේ වයස අවුරුදු 40ක් පමණ වන අතර, අනෙක් වන අලින් දෙදෙනා වයස අවුරුදු 16ත් 15ත් අතර පසුවන බව වනජීවී නිලධාරීන් පවසනවා.

මේ අතර, ගල්ගමුව ප්‍රදේශයෙන් ද වෙඩි වැදී මියගිය ඇතෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

මෙම අවාසනාවන්ත සිදුවීම් හරහා වන අලි මිනිස් ගැටුම සහ වන සතුන් ආරක්ෂා කිරීමේ වැදගත්කම යළිත් වරක් ඉස්මතු වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්