සිරස්තල
අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක්

හිටපු ඇමති පිල්ලෙයාන්ගේ වෙඩික්කරුවන් 6 දෙනෙකුට CID විමර්ශන

නැගෙනහිර පළාතේ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යටතේ සේවය කළ වෙඩික්කරුවන් 6 දෙනෙකු

මිතුරන් සමග බෙදාගන්න

නැගෙනහිර පළාතේ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යටතේ සේවය කළ වෙඩික්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන පිල්ලෙයාන්ගෙන් සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියභාරතීගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම කණ්ඩායම පිළිබඳ තොරතුරු හෙළිවී ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා විසින් අනාවරණය කරන ලද තොරතුරු මත, පසුගිය සතියේ මඩකලපුවේදී සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අදාළ වෙඩිතැබීම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබුවා.

CID ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පිල්ලෙයාන් විසින් 2007-2008 කාලයේදී මෙහෙයවන ලද සන්නද්ධ කණ්ඩායමක් විසින් එම කාලය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේ දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම්, පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීම් රැසක් සිදුකර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා CID විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

Report: ටානිය වෙලගෙදර

වෙනත් පුවත්

උණුසුම් පුවත්