සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (අගෝස්තු 17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, අද පස්වරු 4:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ද වැඩවර්ජනයක නිරත වන බවයි.
අතිකාල ගැටලු, ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම ඇතුළු ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා.
මෙම වැඩවර්ජනය ආරම්භ වන්නේ, අද සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමක වීම විශේෂයි. මේ අතර, තැපැල් සේවකයින් ඊයේ (අගෝස්තු 16) උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වුණා.
මෙම තත්ත්වය හේතුවෙන් තැපැල් සේවා භාවිත කරන්නන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Report: ටානිය වෙලගෙදර