026 මාර්තු 19 වැනිදාට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු අද පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. අද දින විවාදයට ගැනීමට නියමිත ප්‍රධානතම කරුණ වන්නේ වත්මන් ලෝක දේශපාලන හා යුදමය වාතාවරණය පිළිබඳව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවයි.
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්රයට එල්ල කරන බලපෑම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම රජය විසින් ක්‍රියාත්මක කරන නව ඉන්ධන පාලන ක්‍රමවේද සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සිය අදහස් පළ කිරීමට නියමිතය.