පොල්පිතිගම, කිරිබමුණේගමයාය ප්රදේශයේදී නිවසක් පිටුපස තිබූ අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් 10 හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවකදී බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ කැකිරාව, සෙම්බුකුලිය ප්රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. නිවස පිටුපස පිහිටි ආරක්ෂිත වැටවල් හෝ ආවරණයක් නොමැති මෙම වගා ළිඳට දරුවා ඇද වැටී ඇති බවත්, පසුව ප්රදේශවාසීන් එක්ව දරුවා ගොඩගෙන රෝහල්ගත කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවත් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර, විශේෂයෙන් ග්රාමීය ප්රදේශවල පවතින මෙවැනි අනාරක්ෂිත ළිං සහ අනතුරුදායක ස්ථාන පිළිබඳව දෙමාපියන් සහ වැඩිහිටියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව පොලිසිය අවධාරණය කරයි.