66 වැනි Miss World තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, Multimedia Challenge තරගයේ අවසන් වටයට පිවිසෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා. මෙම තරග අංශයෙන් ශ්‍රී ලංකාවක් අවසන් වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
මෙම ජයග්‍රහණයත් සමඟ අනුදි ගුණසේකර, “Fast-Track” අවස්ථා තුනකම අවසන් වටයට පිවිසීමට සමත් වී ඇති අතර, එය Miss World කිරුළ දිනාගැනීමේ ඇගේ අවස්ථාවන් තවදුරටත් ඉහළ නංවන බවට විශ්වාස කෙරෙනවා.
මෙම කැපී පෙනෙන ජයග්‍රහණය සඳහා Facebook, Instagram සහ Miss World යෙදුම ඔස්සේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු අසීමිත “like”, “comment” සහ “share” සියල්ලම විශාල දායකත්වයක් ලබා දුන් බව අනුදි ගුණසේකර සිය කෘතඥතාව පළ කරමින් සඳහන් කළා.
අනුදිගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන එන අතර, Miss World තරගාවලියේ ඇගේ ඉදිරි ගමන පිළිබඳව ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු සහගතව සිටිනවා.