ශ්‍රී ලංකාවේ ජලජ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා, ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙලෙස තහනම් කර ඇති මත්ස්‍ය විශේෂ වන්නේ:
- පිරානා (Piranha)
- නයිෆ් ෆිෂ් (Knife Fish)
- ඇලිගේටර් ගාර් (Alligator Gar)
- රෙඩ් ලයින් ස්නේක් හෙඩ් (Red Line Snakehead)
මෙම නියෝගයට අනුව, ඉහත සඳහන් මත්ස්‍ය විශේෂ බෝ කිරීම, ජල පද්ධතිවලට මුදා හැරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම හෝ සන්තකයේ තබා ගැනීම ඇතුළු සියලුම ක්‍රියාකාරකම් තහනම් කර ඇත. මෙම නියෝගය අදාළ වන්නේ සජීවී මසුන් සඳහා පමණක් බවද ගැසට් පත්‍රයේ සඳහන් වේ.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මෙම මත්ස්‍ය විශේෂ අනෙකුත් මත්ස්‍ය විශේෂයන්ට හානිදායක ලෙස අධික ගහන ඝනත්වයකින් වේගවත්ව පැතිරී යන විලෝපිත මත්ස්‍ය විශේෂයන් වන බැවින් මෙලෙස තහනම් කිරීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත්, ජල පද්ධතිවලින් ආහාරය සඳහා මෙම මසුන් ඇල්ලීම, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියෙන් නිසි අවසරය ලබා ගැනීමෙන් පසු සිදු කළ හැකි බවද ගැසට් නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.