ජනාධිපතිවරයාගේ නියමයෙන්, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 1000ක් (රුපියල් බිලියනයක්) වෙන්කර තිබෙනවා.
ආපදාවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක් ද, ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක් ද වශයෙන් වන්දි මුදල් පිරිනැමීමට රජය තීරණය කර ඇත.
ඊට අමතරව, පූර්ණ හානි වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් හිමිවන අතර, අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා හානි වූ ප්‍රමාණය අනුව වන්දි ගෙවීමටද තීරණය වී තිබෙනවා.
මෙම වන්දි මුදල් කඩිනමින් විපතට පත් ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බව රජය දැනුම් දී ඇත.