ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය ඇෆ්ගනිස්තානයට ජයග්‍රාහී ආරම්භයක්

ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී හොංකොං කණ්ඩායම පරදා ලකුණු 94ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ

මිතුරන් සමග බෙදාගන්න

ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී හොංකොං කණ්ඩායම පරදා ලකුණු 94ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වූ මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 188ක් රැස් කළා. එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Sediqullah Atal නොදැවී ලකුණු 73ක් සහ Azmatullah Omarzai ලකුණු 53ක් ලබා ගත්තා.

ලකුණු 189ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි. මේ අනුව, ඇෆ්ගනිස්තානය ලකුණු 94ක විශාල ජයග්‍රහණයක් වාර්තා කළා.

මෙම තරගාවලියේ A කාණ්ඩය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්