2025 ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මොහොමඩ් යස්මින් උසයිත් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. වයස අවුරුදු 22න් පහළ 75 kg බර පන්තියෙන් තරග කරමින් ඔහු මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කළා.
රටවල් 23ක සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම ශූරතාවලිය, ආසියානු කලාපයේ නැගී එන බොක්සිං දක්ෂතා ප්‍රදර්ශනය කරන ප්‍රධානතම තරගාවලියක්. උසයිත්ගේ මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට නව බලාපොරොත්තු එක් කරනු ඇති.
ඔහුගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකාවට ආඩම්බරයක්!