සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක්

ඇල්ල ප්‍රදේශයේ දී මෑතකදී සිදුවූ බස් රථ අනතුරේදී ජීවිත 16ක් අහිමි වූ අතර තවත් 14 දෙනෙක් තුවාල ලැබුවා. අනතුර සිදුවූ ස්ථානයේ දී තුවාල ලැබූවන්ගේ ජීවිත

මිතුරන් සමග බෙදාගන්න

ඇල්ල ප්‍රදේශයේ දී මෑතකදී සිදුවූ බස් රථ අනතුරේදී ජීවිත 16ක් අහිමි වූ අතර තවත් 14 දෙනෙක් තුවාල ලැබුවා. අනතුර සිදුවූ ස්ථානයේ දී තුවාල ලැබූවන්ගේ ජීවිත බේරා ගැනීමට අතිශය නිර්භීතව ක්‍රියා කළ යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම් බණ්ඩාර මහතාට යුද හමුදාපතිවරයා විසින් උසස්වීමක් සහ මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දී තිබෙනවා.

රාජකාරියෙන් නිවාඩු ලබා නිවස බලා යමින් සිටි ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර, බස් අනතුර දුටු විගසම තම ජීවිතය ගැන නොසලකා තුවාල ලැබූවන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් වුණා. ඔහු අනතුරට පත් වූවන් බස් රථයෙන් මුදාගෙන, ඔවුන්ව ඉහළට රැගෙන එන අතරතුර, පෙරළී ගිය ගලකින් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවුවත්, ඔහු තම මෙහෙයුම අඛණ්ඩවම කරගෙන ගොස් තිබෙනවා.

පසුව එම ස්ථානයේ සිටි වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් බණ්ඩාර මහතාව රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණා.

බණ්ඩාර මහතාගේ මෙම නිර්භීත ක්‍රියාව අගය කරමින් යුද හමුදාව විසින් ඔහුට ලාන්ස් කෝප්‍රල් තනතුරේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස්වීමක් ලබා දී තිබෙනවා. එමෙන්ම, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් යුද හමුදා මූලස්ථානයේදී ඔහුට මූල්‍යමය පරිත්‍යාගයක් ද ප්‍රදානය කළා.

මෙම සිදුවීම, තම රාජකාරී වගකීමෙන් ඔබ්බට ගොස් මානව සේවයක් සිදු කිරීමේ වැදගත්කම යළිත් වරක් සිහිපත් කර දෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්