සිරස්තල
ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක්

ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක්

ඇල්ල ප්‍රදේශයේ දී මෑතකදී සිදුවූ බස් රථ අනතුරේදී ජීවිත 16ක් අහිමි වූ අතර තවත් 14 දෙනෙක් තුවාල ලැබුවා. අනතුර සිදුවූ ස්ථානයේ දී තුවාල ලැබූවන්ගේ ජීවිත

මිතුරන් සමග බෙදාගන්න

ඇල්ල ප්‍රදේශයේ දී මෑතකදී සිදුවූ බස් රථ අනතුරේදී ජීවිත 16ක් අහිමි වූ අතර තවත් 14 දෙනෙක් තුවාල ලැබුවා. අනතුර සිදුවූ ස්ථානයේ දී තුවාල ලැබූවන්ගේ ජීවිත බේරා ගැනීමට අතිශය නිර්භීතව ක්‍රියා කළ යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම් බණ්ඩාර මහතාට යුද හමුදාපතිවරයා විසින් උසස්වීමක් සහ මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දී තිබෙනවා.

රාජකාරියෙන් නිවාඩු ලබා නිවස බලා යමින් සිටි ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර, බස් අනතුර දුටු විගසම තම ජීවිතය ගැන නොසලකා තුවාල ලැබූවන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් වුණා. ඔහු අනතුරට පත් වූවන් බස් රථයෙන් මුදාගෙන, ඔවුන්ව ඉහළට රැගෙන එන අතරතුර, පෙරළී ගිය ගලකින් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවුවත්, ඔහු තම මෙහෙයුම අඛණ්ඩවම කරගෙන ගොස් තිබෙනවා.

පසුව එම ස්ථානයේ සිටි වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් බණ්ඩාර මහතාව රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණා.

බණ්ඩාර මහතාගේ මෙම නිර්භීත ක්‍රියාව අගය කරමින් යුද හමුදාව විසින් ඔහුට ලාන්ස් කෝප්‍රල් තනතුරේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස්වීමක් ලබා දී තිබෙනවා. එමෙන්ම, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් යුද හමුදා මූලස්ථානයේදී ඔහුට මූල්‍යමය පරිත්‍යාගයක් ද ප්‍රදානය කළා.

මෙම සිදුවීම, තම රාජකාරී වගකීමෙන් ඔබ්බට ගොස් මානව සේවයක් සිදු කිරීමේ වැදගත්කම යළිත් වරක් සිහිපත් කර දෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්