ඉන්ධන බෙදාහැරීම ඒකාධිකාරියකට?

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට රජය සූදානම් වන බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය චෝදනා කරනවා. මෙම වැඩපිළිවෙළ

මිතුරන් සමග බෙදාගන්න

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට රජය සූදානම් වන බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය චෝදනා කරනවා. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු විශාල අර්බුදයකට ලක්විය හැකි බවයි එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම මහතා පවසන්නේ.

“ගජමිතුරු ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරය පවරා දීමට උත්සාහයක්”

පරාක්‍රම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, ඉන්ධන ප්‍රවාහනයත් ඒකාධිකාරියකට යටත් කිරීමට උත්සාහයක් පවතින බවයි. “මේ වෙලාවේ ඉතාම විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා බවුසර් රථහිමියන්ට. මෙතෙක් කාලයක් තොග ගබඩාවලට බවුසර් රථවලින් තෙල් ඇද්දේ අපේ බවුසර් රථහිමියන් විසින්. මොකද අපි තමා මේ ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන සේවාව කරන්නේ. අපි තෙල් ඇද්දේ නැත්නම් වෙන කිසිම කෙනෙක්ට දුවන්න තෙල් හම්බවෙන්නේ නෑ.” ඔහු අවධාරණය කළා.

“නමුත් පහුගිය වසර දෙක තුනක කාලයේ සිට මේ ව්‍යාපාරය ගජමිතුරු ව්‍යාපාරිකයින් දෙතුන් දෙනෙකුට පවරලා දෙන්න ලෑස්ති වෙලා තිබුණා. අපි සංගමයක් විදියට මැදිහත් වෙලා කාලයක් පුරා ඒක නවත්තාගෙන තිබුණා. නමුත් මේ අවස්ථාවේ තමන්ගේ ගජමිතුරන් කිහිපදෙනෙකුට මේ ප්‍රවාහන සේවය පවරලා දෙන්න තමා මේ හදන්නේ.” පරාක්‍රම මහතා චෝදනා කළා.

නියමු ව්‍යාපෘතියක් හරහා ඒකාධිකාරයක්

ඔහු පෙන්වා දුන්නේ, බවුසර් එකක් හෝ දෙකක් හිමි කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් බහුතරයක් මෙම ක්ෂේත්‍රයේ නියැළෙන බවයි. “බවුසර් රථහිමියෝ 400 – 500ක් විතර මේ සංගමයේ ඉන්නවා.”

කෙසේ වෙතත්, රජය “නියමු ව්‍යාපෘතියක්” ලෙස කොළඹ සහ මුතුරාජවෙල සිට කුරුණෑගල පර්යන්තය දක්වා තෙල් ප්‍රවාහනය කිරීම ටෙන්ඩර් මඟින් එක් මුදලාලි කෙනෙකුට භාරදීමට උත්සාහ කරන බවයි ඔහු පැවසුවේ. “මෙහෙම ගියොත් අන්තිමට වෙන්නේ අනෙක් ප්‍රවාහන සේවාවන්ට සිදුවුණ දේ තමා.”

එම නිසා, මෙම ක්‍රියාවලිය වහාම නවතා දමා, ඉන්ධන ප්‍රවාහන සේවාව ඒකාධිකාරියකට යටත් නොකර, පොදු ජනතාවගේ සේවාවක් ලෙස සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවස්ථාව දෙන ලෙස එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙම තත්ත්වය රටේ ඉන්ධන සැපයුමට කෙසේ බලපානු ඇත්ද?

වෙනත් පුවත්

උණුසුම් පුවත්