හලාවත-කොළඹ ප්රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය අසලදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි. එහිදී, දුම්රිය හරස් මාර්ගය අසල නවතා තිබූ වාහන දෙකක, වේගයෙන් පැමිණි කන්ටේනර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. කන්ටේනර් රථය මුලින්ම නවතා තිබූ වෑන් රථයක ගැටී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරනු ලබයි.