ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශයේ ප්‍රධානී මොහොමඩ් කසෙමි මිය ගිය බව ඉරානය තහවුරු කර තිබෙනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන්නේ, ඉරිදා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කසෙමි මහතා ඔහුගේ නියෝජ්‍ය හසන් මොහාක්ක් සහ අණදෙන නිලධාරී මොහ්සන් බකෙරි සමඟ ජීවිතක්ෂයට පත් වූ බවයි.
මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට තවත් මිසයිල ප්‍රහාර මාලාවක් එරට වේලාවෙන් අද (ජූනි 16) අලුයම් කාලයේ දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පවසනවා. IDF පවසන්නේ, ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට දියත් කරන ලද මිසයිල හඳුනාගත් බවත්, තර්ජනය වළක්වා ගැනීම සඳහා ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළ බවත්ය.
තත්ත්වය තවදුරටත් උග්‍රවීමත් සමඟ, ඊශ්‍රායල හමුදාව මහජනතාවට නැවත දැනුම්දෙන තුරු ආරක්ෂිත ස්ථානවලට වී රැඳී සිටින ලෙස උපදෙස් දී තිබෙනවා. එමෙන්ම, විශාල ජන රැස්වීම්වලින් වළකින ලෙසත් ඊශ්‍රායල බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම සිදුවීම් මාලාව මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහළ දමා තිබෙනවා.