ඉරානයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියා වන අලි ෂඩ්මානි, ඊශ්‍රායල හමුදාව විසින් ඊයේ (ජූනි 16) රාත්‍රියේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඊශ්‍රායලය අද (ජූනි 17) නිවේදනය කළා.
අලි ෂඩ්මානි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම පුද්ගලයා ලෙස සැලකෙනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊශ්‍රායල ගුවන් හමුදාව ටෙහෙරානයේ පිහිටි කාර්ය මණ්ඩල අණදෙන මධ්‍යස්ථානයකට පහර දී ෂඩ්මානි ඝාතනය කළ බවයි.
ෂඩ්මානි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) සහ සමස්ත ඉරාන සන්නද්ධ හමුදාවන්ට අණ දුන් ප්‍රධාන පෙළේ නිලධාරියෙකු බව ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම සිදුවීම මැද පෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.